මෙම වසරේ ගතවුණු මාස 7 තුළ අපරාධ නඩු 4390 ක කටයුතු නීතිපතිවරයා විසින් අවසන් කර තිබෙනවා.
ඉන් නඩු 2901 කට අධිචෝදනා මහාධිකරණය හමුවේ ගොනුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න කියා සිටියා.
එමෙන්ම නඩු 1247 ක් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානවලට නීතිපතිවරයා විසින් ලිඛිත උපදෙස් දී ඇති අතර මෙම සිද්ධීන්වලට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 242 ක් මුදාහැර ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියා.