News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
1

දෙවියන්ගේත් රන් මාලය කොල්ල කෑ පුජකයෙක් අල්ලයි

779 Views


දෙවියන්ගේත්  රන් මාලය කොල්ල කෑ  පුජකයෙක් අල්ලයි

බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්ත ඉහළ කොටසේ වතු කෝවිලේ දේව රුපයට පලදවා තිබු රන් මාලය සොරකම් කර එම කොවිලේ පුජකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

පෙරෙදා (30) රාත්‍රි අදාල සොරාකම සිදු වි ඇති අතර ඊයේ (31) උදැසන කෝවිලේ පුජකවරයා විසින් දේව රුපයට පලදවා තිබු රුපියල් විසි පන්දහසක් පමණ වටිනා රන් මාලය සොරාගෙන කොවිලේ තිබු පින් කැටය කඩා එහි තිබු මුදල්ද සොරාගෙන ඇති බව කොවිලේ පාලක සභාව දැනුම් දී තිබෙන බවයි සදහන් වන්නේ. කොවිලේ පාලක සභාව විසින් බගවන්තලාව පොලිසියට කරන ලද පැමිණිල්ල මත විමර්ෂනයක් සිදු කර බගවන්තලාව පොලිසියේ නිලධාරින් සැකපිට එම කොවිලේ පුජකවරයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි ඔහු සන්තකයේ තිබි ඊයේ රන් මාලයක් උකස් කරන ලද රිසිට්පතක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post