ඩෙනිම් (Denim)
ඩෙනිම් වලින් මසන ලද ජීන්ස් වල ආරම්භක වසර වුනේ 1870 වසරයි. මේවා ප්‍රථම වරට නිර්මාණය කරන ලද්දේ Levi Strauss සහ Jacob W. Davis යන නිර්මාණකරුවන් විසින්.
ජීන්ස් සැකසීම සඳහා යොදා ගන්නේ ඩෙනිම්. ඩෙනිම් වලින් බෑග්, සාය සහ ජැකට් වැනි බොහෝ උපාංග නිර්මාණය කරනු ලැබේ. ඩෙනිම් යනු ජීන්ස් නොවන බව ඒ අනුව පැහැදිලි වේ. ජීන්ස් සහ ඩෙනිම්ස් යන වචන දෙක සමාන පද ලෙස භාවිතා කල නොහැක.
ඩෙනිම් නිර්මාණය කරන්නේ කපු සහ නයිලෝන් තන්තු වල මිශ්‍රණයකින්. මීට අමතරව ඩෙනිම් නිර්මාණය කිරීමේදී එකිනෙකට වෙනස් වර්ණයන් දෙකක් යොදා ගන්නවා.
සාමාන්‍යයෙන් ප්‍රචලිත වන්නේ නිල් වර්ණය සහ සුදු වර්ණයයි. නමුත් මෙයින් කැපී පෙනෙන්නේ එක් වර්ණයක් පමණයි. ඩෙනිම් රෙද්දේ විශේෂත්වය එයයි.
මේ ඩෙනිම් රෙද්ද ශක්තිමත් සහ කල් පවතින සුළු වන්නේ එහි ඇති රළු ස්වභාවය නිසයි. මේ රළු බව ඊට එකතු වෙන්නේ එය වියන විශේෂ ක්‍රමවේදය නිසයි.
ජීන්ස් ඇතුළු ඩෙනිම් රෙද්දෙන් මැසූ වෙනත් ඇඳුම් රැක ගත යුතු ආකාරය
• ඩෙනිම් සේදීම නිතර කිරීමෙන් වැළකිය යුතුයි. එයට හේතුව වන්නේ නිතර නිතර සේදීමෙන් ඩෙනිම් වල අලුත් ස්වභාවය අඩු වී යා හැකි නිසයි. මේ නිසා එකවර ඩෙනිම් කීපයක් මිලට ගෙන හුවමාරු කරමින් කිහිප දවසක් ඇඳීම නුවනට හුරු වෙනවා.
• ඩෙනිම් සේදීමේදී සැර සබන් යෙදීමෙන් ඩෙනිම් වල වර්ණය අඩු වී යා හැකියි. මේ නිසා මෘදු සේදුම්කාරකයක් යොදා ඩෙනිම් සෝදා ගන්න. ඒවා වැඩිපුර වෙලාවක් පෙඟෙන්නට තැබීමද සුදුසු වන්නේ නැහැ.