මුහුදු ජලය පිරිපහදු කර පානයට සුදුසු ලෙස භාවිත කිරීමේ වැඩපිළිවෙලක් හම්බන්තොට ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙහි මූලික අදියර යෝජිත හම්බන්තොට ආයෝජන කලාපය ආශ‍්‍රීතව ක‍්‍රියාත්මක කරන බවයි ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ දකුණු පලාත් ප‍්‍රධාන ඉන්ජිනේරු ජේ .කේ ප‍්‍රබෝධනි මහත්මිය සදහන් කළේ.
දෛනිකව අවශ්‍ය ජලය ඝන මීටර් 55000 ප‍්‍රමාණයක් ඉදිරියේ දී මුහුදුු ජලය පිරිපහදු කර ලබා ගැනීමට නියමිතයි.
මෙමගින් පානීය ජලය හිග ප‍්‍රදේශ වලට ද ජලය සැපයීම පහසු වන බවයි දකුණු පලාත් ප‍්‍රධාන ඉන්ජිනේරු ජේ .කේ ප‍්‍රබෝධනි මහත්මිය කියා සිටියේ.
මුහුදු ජල පවිත‍්‍රාගාරය හම්බන්තොට මිරිජ්ජවිල ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිතයි.
හම්බන්තොට ආයෝජන කලාපයට අවශ්‍ය ජලය ලබා ගැනීමට නිල්වලා යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වීම ප‍්‍රමාද වීම හේතුවෙන් මෙම නව වැඩපිළිවෙල හදුන්වා තිබෙනවා.