රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් මහතාට නැවත වරක් අමාත්‍යධූරයක් ලබාදීම මහජන මතය නොසලකා හැරීමක් බවයි.
රිෂාඩ් බදියුදීන් මහතාට ඇති චෝදනා ඉදිරියේ ඔහු අත්අඩංගුවට නොගැනීම මඟින් පොලීසිය පක්ෂග්‍රාහීව ක්‍රියාකරනවාය යන චෝදනාව මහජනයා වෙතින් ඉදිරිපත් වී ඇති බවත් විපක්ෂය විසින් මේ සඳහා විශ්වාසභංගයක් ගෙන විත් බදියුදීන් මහතාට එරෙහිව කටුයුතු කිරීම සමස්ත පාර්ලිමේන්තුවේම වගකීම බවත් සෝභිත හිමි වැඩි දුරටත් ප්‍රකාශ කළා.