News Line| Off Air
Generic placeholder image

Aug
1

රුපියල් 50ක යෝජනාවට ඇමතිවරු දෙදෙනෙක් හැප්පෙයි

713 Views


රුපියල් 50ක යෝජනාවට ඇමතිවරු දෙදෙනෙක් හැප්පෙයි

කැබිනට් රැස්වීමේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.ඒ වතුකම්කරුවන්ට ලබා දීමට යෝජිත රුපියල් 50 දීමනාව සම්බන්ධයෙන්ය.

ඒ අනුව රුපියල් 50 ක දීමනාව වතුකම්කරුවන්ගේ වැටුපට එකතු කළ යුතු බවට අමාත්‍ය පී. දිගම්බරන් එහිදී යෝජනා කර තිබෙන අතර ඊට විරෝධය පල කරමින් නවීන් දිසානායක අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එය වැටුපට එක් කළ හොත් අයහපත් පූර්වාදර්ශයක් වනු ඇති බවයි. තවදුරටත් නවීන් දිසානායක අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ වතුකම්කරුවන්ගේ රුපියල් 50 ක දීමනාව සිය අමාත්‍යාංශය හරහා ලබා දිය නොහැකි බවත් ඒ අනුව ඔහු යෝජනා කර ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිපාදන යටතේ හෝ පී. දිගම්බරන් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන යටතේ එම දීමනාව ගෙවිය යුතු බවත්ය. කෙසේනමුත් අග‍්‍රාමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ වතු සමාගම්වලින් වතුකම්කරුවන්ගේ රුපියල් 50 දීමනාව ගෙවිය යුතු බවයි.

 


News Articles
Latest Videos
Most Popular Post