ආණ්ඩුව ගනු ලබන ඕනෑම තීරණයක් රටේ ජනතාවගේ ජන ජීවිතයට සෘජුව බලපාන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ හංවැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළා.
ග්‍රාමීය ප්‍රජාව විසින් දේශපාලකයන්ගෙන් තමන්ට ප්‍රයෝජනයක් නැති බව ප්‍රකාශ කිරීම ඉතාම ප්‍රාථමික ඝණයේ ප්‍රකාශයක් බවත් කිසිවෙකුට තමන්ගේ ප්‍රශ්න තනිව විසඳාගත නොහැකි බවත් ඒ මහතා සදහන් කළා.
මුදලක අගය ආරක්ෂා කරනු ලබන්නේ රජයක් විසින් බවත් ඉහළ යන භාණ්ඩවල මිල පාලනය කිරීමට පවුලේ ගෘහ මූලිකයාට සිදු කළ නොහැකි බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.
“ආණ්ඩුවක් සිදු කරන හරි හෝ වැරදි හැම ක්‍රියාවක්ම රටේ සමස්ථ ජනතාවගේ බොක්කට පමණක් නොවෙයි බොක්කට පහළින් තියෙන උණ්ඩුක පුච්චයටත් දැනෙනවා” යනුවෙන් ඒ මහතා සිය අදහස් පල කළා.