එළැඹෙන 05 වැනිදා ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර 03 ක් යටතේ සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
පළමු අදියර මෙම මස 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වාත්, දෙවන අදියර සැප්තැම්බර් 15 වැනිදා සිට ඔක්තෝම්බර් 01 වැනිදා දක්වාත් ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිතයි.
සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝම්බර් 08 වැනිදා දක්වා 3 වන අදියර යටතේ ඇගයීම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර යටතේ පාසල් 12 ක් වසා තැබෙනවා. ඒ සඳහා ඇගයීම් මණ්ඩල 498 ක් යටතේ ගුරුවරුන් 8466 ක් සහභාගි වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකළහොත් ලබන 20 වැනිදා සිට ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වන බව සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය ප්‍රකාශ කළා.