News Line| Off Air
Generic placeholder image

Aug
2

තමාට විරුද්ධව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට සූදානම් -බදියුදීන් කියයි

1964 Views


තමාට විරුද්ධව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට සූදානම් -බදියුදීන් කියයි

තමාට විරුද්ධව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසනවා.

වව්නියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පොලීසිය තමන් කිසිදු වරදක් නොකළ බව ප්‍රකාශ කර ඇති බවත් පොලිස්පතිවරයා විසින් තමන් වරදක් කර ඇතිනම් පැමිණිලි කරන ලෙස දැනුම් දුන් බවත් ඔහු සිහිපත් කර සිටියා.

ඒ සඳහා ලබා දුන් කාලය අතරතුර කිසිදු වරදක් තමන්ට නොමැති බව ඔප්පු වූවාට පසුවත් නැවත විශ්වාසභංග චෝදනාවක් ගෙන එයිනම් එය දේශපාලනික පළිගැනීමක් බවත් කෙසේ නමුත් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් බදියුදීන් මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post