News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

තායිලන්තයේ බැංකොක් අගනුවර බෝම්බ පිපිරිම් 06ක්

9582 Views


තායිලන්තයේ බැංකොක් අගනුවර බෝම්බ පිපිරිම් 06ක්

තායිලන්තයේ බැංකොක් අගනුවර පිපිරිම් 06ක් සිදුව තිබෙනවා. මින් එක පිපිරිමක් තායිලන්තයේ උසම ගොඩනැගිල්ල ආසන්නයේ සිදුව ඇති අතර පුපුරා නොගිය තවත් බෝම්බ කිහිපයක්ම එරට ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබෙනවා.

පිපිරිම් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව අද (02) පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම පිපිරිම් සිදුවන අවස්ථවේදි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ එම සමුළුවට සහභාගි විමට බැංකොක් අගනුවරට පැමිණ සිට ඇති බව සදහන්.

පුපුරා ගොස් ඇති බෝම්බ කුඩා ප්‍රමාණයෙන් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තියුණු ආයුධ කැබලි යොදා සකස් කර ඇති බව තායිලන්ත ආරක්ෂක බලධාරින් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post