News Line| Off Air
Generic placeholder image

Aug
2

ධීවරයින්ට හදිසි අනතුරු ඇගවීමක්

613 Views


ධීවරයින්ට හදිසි අනතුරු ඇගවීමක්

බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින් වහාම එම ප‍්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත මුහුදු ප‍්‍රදේශයක් දක්වා ගමන් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප‍්‍රිය තිසේරා මහතා සදහන් කලේ අදාළ මුහුදු ප‍්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය හා දැඩි සුළං පැවතීම හේතුවෙන් මෙම දැනුම් දීම කළ බවයි.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර 55 සිට 65 දක්වා වැඩි විය හැකියි.

මේ අතර දිස්ත‍්‍රීක් 17කට බලපා ඇති වියළි කාලගුණය හේතුවේන් පුද්ගලයින් ලක්ෂ එකහමාරකට අධික පිරිසක් පානීය ජල ගැටලූවෙන් පීඩා විදින බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානය පවසනවා.

ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ උතුරු පලාතටයි. ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇති බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කලා.

වියළි කාළගුණයත් සමග ඇතැම් ප‍්‍රදේශ වලින් වනාන්තර ගිනි තැබීම් ද වාර්තා වන බවයි ඔහු පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post