සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග තුනම පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළා.
දෙරට අතර පළමු පන්දුවාර 20 තරග දෙක මීට පෙර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද එම කී‍්‍රඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම තරග දෙකද පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.
කොළඹ ආර් .පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් බංග්ලාදේශය සමග පැවති එක්දින තරගාවලියේද කී‍්‍රඩාංගණයේ පේ‍්‍රක්‍ෂකාගාරවල ආසන කිහිපයක් භාවිතයට ගැණුනේ නැහැ.
නවසීලන්ත, ශී‍්‍ර ලංකා තරග සංචාරයේදී ටෙස්ට් තරග දෙකකට සහ පන්දුවාර 20 කි‍්‍රකට් තරග 3 කට සහභාගි වනවා. පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ආරම්භ වන්නේ ගාල්ල කී‍්‍රඩාංගණයේදීයි.
දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 22 වනදා කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන අතර තරග තුනකින් සමන්විත නවසීලන්ත – ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලබන 31 වනදා පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.