මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද අළුයම 5.10ට යෙදුණු සුබ මොහොතින් විෂ්ණු, නාථ, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලයන්හිදී සිදු කෙරුණා.
එම සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙය සිදුකෙරුනු අතර මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 5 වනදා වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
පළමු වන රන්දෝලි පෙරහැර අගෝස්තු මස 10 වනදා වීථි සංචාරය කෙරෙන අතර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස 14 වනදා විථී සංචාරය කෙරෙනවා.
මෙවර මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 7,000 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඊයේ ප‍්‍රකාශ කළා.