News Line| Off Air
Generic placeholder image

Aug
2

ශිෂ්‍යත්වයට එන දරුවන්ගේ විභාග අංකය ඇඳුමේ වම්පස ප්‍රදර්ශනය කළ යුතුයි

729 Views


ශිෂ්‍යත්වයට එන දරුවන්ගේ විභාග අංකය ඇඳුමේ වම්පස ප්‍රදර්ශනය කළ යුතුයි

අනිද්දා (04) දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සෑම දරුවෙකුගේම විභාග අංකය දරුවාගේ ඇඳුමේ වම්පස ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙස විභාග දෙපාර්තුමේන්තුව දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

විභාග මධ්‍යස්ථාන දෙදහස් නවසිය අනූපහකදී විභාගය පැවැත්වෙන අතර, ඒ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යවන් තුන් ලක්ෂ තිස් නවදහස් තුන්සිය හැට නවයක් පෙනීසිටීමට නියමිතයි.

පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන 9.30 සිට 10.15 දක්වාත්, දෙවැනි ප්‍රශ්න පත්‍රය උදෑසන 10.45 සිට මධ්‍යහන 12.00 දක්වාත් කාලය තුළ පැවැත්වෙන බැවින් සියලු දරුවන් උදෑසන 9.00ට පෙර විභාග මධ්‍යස්ථානවලට රැගෙන ඒමට දෙමවුපියන් කටයුතු කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ෆයිල් කවර රැගෙන ඒමට නොහැකි බවත්, පිළිතුරු ලිවීම සඳහා පැන්සලක්, කළු හෝ නිල් පෑන් රැගෙන ඒමට හැකියාව තිබෙන අතර, කටුවැඩි කිරීම සදහා විභාග දෙපාර්තමේන්තුවෙන් කොළ ලබාදෙන බවත් ඒ මහතා පවසා සිටියා.

කිසිදු දෙමවුපියකුට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වීමට නොහැකි බවත්, ඒ නිසා අවශ්‍ය නම් දරුවාට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් ලබාදිය හැකි බවත් සනත් පූජිත මහතා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post