ඔස්ටේලියාව සහ එංගලන්තය අතර බර්මිංහැම් හිදී පැවැත්වෙන අලු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10ක් ලබා සිටි අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ටේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත්තා.
ඉනිමේ කඩුලු 8ක් ලකුණු 122කට දැවී ගොස් තිබූ අවස්ථාවේ 9 වන කඩුල්ල සදහා ස්ටීවන් ස්මිත් සහ පීටර් සිඞ්ල් ලකුණු 88ක සබදතාවක් ගොඩ නගමින් ඔස්ටේලියා ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය බව සදහන්.
සිය 24 වන ටෙස්ට් ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 144යි.
ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේදී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 274ක්.