ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක අගයකින් යුත් භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කරනවා.මෙම භූකම්පනය සුමාත්‍රා දිවයිනට ආසන්න මුහුදේ කිලෝමීටර් 32ක් ගැඹුරින් වූ මුහුදු පත්ලේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.මේ වන විට ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒකකය විසින් එරට පිහිටි බාන්ටේන්, බටහිර ජාවා, ලාම්පන්ග් ඇතුළු වෙරළ කලාපයන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයන් නිකුත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.ශ්‍රි ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ මෙම භුකම්පනයෙන් ශ්‍රි ලංකාව ඇතුළු ඉන්දීය සාගර කළාපයට සුනාමි අනතුරක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි.