News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

සෞදි අරාබියේ කාන්තාවන්ට නීති ලිහිල් කරයි

1075 Views


සෞදි අරාබියේ කාන්තාවන්ට නීති ලිහිල් කරයි

සෞදි අරාබියේ කාන්තාවන්ට වැඩිහිටි භාරකරුවෙකුගේ අවසරය නොමැතිව විදෙස් ගතවීමට අවසර ලබාදීමට එරට රාජකීය පාලනය විසින් අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව අවූරුදු 21 සම්පුර්ණ වූ කාන්තාවන්ට වැඩිහිටි භාරකරුවෙකුගේ අවසරයකින් තොරව විදේශ ගමන් බලපත්‍රය සදහා අයදුම් කිරීමට හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම සෞදි අරාබියේ කාන්තාවන්ට සිය දරු උපත් ලියාපදිංචි කිරීම, විවාහය සහ දික්කසාදය සදහා ද එරට රාජකීය පාලනය ප්‍රථම වරට අවසර ලබාදී ඇති බව සදහන්.

මෙම නව නීති ලිහිල් කිරීම සෞදියේ කිරුල හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරුගේ මැදිහත් වීමෙන් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post