වසර කිහිපයක සිට දළදා කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ හස්ථි රාජයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට එක් නොවන බව දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල පවසනවා. ඔහු ඒ බව සදහන් කළේ ශී‍්‍ර දළදා මාළිගා පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
ඒ අනුව වැඩි වාර ගණනක් දළදා කරඩුව වැඩම වූ ඉන්දිරාජ නම් හස්තියා මෙවර දළදා කරඩුව වැඩමවන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
එමෙන්ම මෙවර දළදා පෙරහරේ ආරක්ෂාව සදහා පොලිසිය සහ හමුදාව එක්ව පුර්ණ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් යොදා ඇති බවද සදහන් වෙනවා.