News Line| Off Air
Generic placeholder image

Aug
3

කිරි පිටි මිල ඉහළ නැංවීම බලපාන්නේ මෙහෙමයි

566 Views


කිරි පිටි මිල ඉහළ නැංවීම බලපාන්නේ මෙහෙමයි

කිරිපිටි සඳහා නව මිල වැඩිවීම පිලිබදව අදහස් දැක් වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් ප‍්‍රකාශ කළේ
දැනට වෙළදපොළේ ඇති සියළුම ආනයනික කිරි පිටි සඳහා නව මිල ඉහළ නැංවීම බල නොපාන බවත් අගෝස්තු පළමු වනදා දිනය සහිත සහ ඉන් පසුව නිෂ්පාදිත දිනය සඳහන් කිරිපිටි සඳහා පමණක් නව මිල වැඩිවීම බල පැවැත්වෙන බවයි.මෙම මිල වැඩි වීම සිදුවීමට තිබුණේ මීට පෙර බවත් තවත් මිල සංශෝධනයක් ඉදිරියේදී සිදු විය හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් ප්‍රකාශ කල අතර
පෙරේදා මධ්‍යම රාතී‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 01ක මිල රුපියල් 15කින් ඉහළ දැමුණා. ග‍්‍රෑම් 400යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 05කින් ඉහළ නැංවීමටයි මෙහිදී තීරණය කෙරුණේ. ඒ, කිරිපිටි මිළ සූත‍්‍රයට අනුවයි.

මේ වනවිට ආනයනික කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 01ක මිල රුපියල් 920ක්. එය රුපියල් 935 දක්වා ඉහල යනවා. රුපියල් 370ක් වන ග‍්‍රෑම් 400 යේ ආනයනික කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 375 ක්. මේ වනවිට දේශීය කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 01ක මිල රුපියල් 850ක්. ග‍්‍රෑම් 400යේ දේශීය කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 343ක් පමණ වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post