News Line| Off Air
Generic placeholder image

Aug
3

නවසීලන්ත තරගාවලියටත් වත්මන් පුහුණුකරුවන්ගේ සේවය

1747 Views


නවසීලන්ත තරගාවලියටත් වත්මන් පුහුණුකරුවන්ගේ සේවය

එළඹෙන නවසීලන්ත තරගාවලිය අවසන් වන තුරු වත්මන් පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කර තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියට වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන කිසිඳු පුහුණුකරුවෙකු සහභාගි නොකිරීමටත්, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයම ප්‍රතිස්ථාපනය කිරීමටත් තමා නියෝග කල බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (02) ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ නවසීලන්ත තරගාවලිය අවසන් වන තුරු ඔහුගේ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඊයේ පස්වරුවේ මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post