News Line| Off Air
Generic placeholder image

Aug
3

බැංකොක් නුවර සිටින සංචාරකයින් එරට රජයෙන් දැනුම්දීමක් කරයි

1223 Views


බැංකොක් නුවර සිටින සංචාරකයින් එරට රජයෙන් දැනුම්දීමක් කරයි

ඊයේ ගිනිකොණ දිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන්ගේ කලාපීය සමුළුව පැවැත්වෙන අතරතුර දී තායිලන්තයේ බැංකොක් නුවර ස්ථාන 06ක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවුණා. එම නිසා තායිලන්තයේ බැංකොක් නුවර සිදුවු බෝම්බ පිපිරීම් මාලාවත් සමඟ විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව එරට රජය පවසන අතර එමෙන්ම ප්‍රහාර මාලාව හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට බලපෑමක් හටගෙන නොමැති බවද එරට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
කෙසේවෙතත් බැංකොක් හි සංචාරයේ නිරතවන විදෙස් සංචාරකයින්ට තමන් නවතැන්ගෙන සිටින ස්ථාන වලට වී සිටින ලෙසත් දැනුම් දෙන අතර මේ වන විට සියලු ව්‍යාපාරික සහ සංචාරක ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post