News Line| Off Air
Generic placeholder image

Aug
3

ශ්‍රී ලංකා පිල සහ නවසීලන්තය අතර පැවැත්වෙන 20යි 20 තරග සියල්ල පල්ලේකැලේදී

695 Views


ශ්‍රී ලංකා පිල සහ  නවසීලන්තය අතර  පැවැත්වෙන 20යි 20  තරග සියල්ල පල්ලේකැලේදී

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වීමට තීරණය කර ඇත බව වාර්තා වෙනවා. මීට පෙර තරග 03කින් සමන්විත 20/20 තරඟාවලියේ පළමු තරඟ 02 කොලඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේද, තෙවන තරගය පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේද පැවැත්වීමට සැළසුම් කර තිබුණු නමුත් මේ වනවිට 20යි 20 එම තරඟ 03ම පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවැත්වීමට මේ වනවිට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව දිවයිනට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු තරගය ලබන 14 වනදා ආරම්භ වන අතර තරගාවලිය ටෙස්ට් තරග 02කින් සහ 20/20 තරඟ 03කින් සමන්විත වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post