News Line| Off Air
Generic placeholder image

Aug
4

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි

621 Views


එජාපය ප්‍රමුඛ  නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යෝජිත නව සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කල් දමා තිබෙන් බව වාර්තා වෙනවා.එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ හෙට (05) පෙරවරු 9.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබු ඊට අදාළ උත්සවය දින නියමයක් නොමැතිව මෙසේ කල්දමා ඇති බවයි.ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ සන්ධාන ගත වීමට තීරණය කර ඇති අතර අදාළ පක්ෂවල නායකයින්, ආසන සංවිධායකවරුන් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊට අදාළ අවබෝධතා ගිවිසුම හෙට දිනයේ අත්සන් තැබීමට නියමිතව තිබුණා.

ඒ අනුව අදාළ ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් ඊයේ (03) රාත්‍රීයේ ද පක්ෂ නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.එහිදී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තාවකාලිකව කල් තැබීමට තීරණය වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post