News Line| Off Air
Generic placeholder image

Aug
4

ශිෂ්‍යත්ව විභාගය අදයි

648 Views


ශිෂ්‍යත්ව විභාගය අදයි

අද (04) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී අයදුම්කරුවන් තුන්ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටින බව වාර්තා වෙනවා. පෙරවරු 09.30ට විභාගය ආරම්භ වන බැවින් සෑම විභාග අපේක්ෂකයෙකුම පෙරවරු 09.00 වනවිට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම ශිෂ්‍යත්ව විභාගය අවසන් වු පසුත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් වන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා.

ප්‍රශ්න පත්‍ර ළඟ තබා ගැනීම, පිටපත් කිරීම, ඡායා පිටපත් ලබා ගැනීම, විකිණීම, මුද්‍රණය කිරීම, පුවත්පත්වල, වාර සගරාවල, වෙනත් මුද්‍රිත මාධ්‍යවල මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම, අන්තර්ජාලයේ, සමාජ ජාල වෙබ් අඩවිවල හා වෙනත් කුමන ආකාරයකට හෝ ප්‍රසිද්ධ කිරීම තහනම් වන බව එයින් ප්‍රකාශ කරනවා.ඒ අනුව කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් එම නියෝග උල්ලංඝණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ලඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post