News Line| Off Air
Generic placeholder image

Aug
5

කොළඹ ට‍්‍රැෆික් අඩු කරන්න තව සති දෙකකින් AC බෝට්ටු සේවයක්

4399 Views


කොළඹ ට‍්‍රැෆික් අඩු කරන්න තව සති දෙකකින් AC බෝට්ටු සේවයක්

වායු සමනය කළසැප බෝට්ටුවලින් ලාබෙට ගමන් බිමන් යෑමට තව සති 2 කින් හැකි වනවා.එවිට කොටුවේ සිට යුනියන් පෙදෙසට විනාඩි 10 කින් යෑමටත් මාර්ග තදබදය වැඩි වේලාවටත් වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 35කින් යෑමටත් හැකියි.

ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාවට නංවන කොළඹ නගරයේ ජල මාර්ගවල දිවෙන මගී ප්‍රවාහන බෝට්ටු සේවාව මගින් ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවනවා. ඒ අනුව නියාමක ව්‍යාපෘතියක් ලෙස බෝට්ටු සේවාව ඉදිරි සති දෙක ඇතුළත කොළඹ බේරේ වැවේ හා වැල්ලවත්ත ඇළේ ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. ඊට අමතරව ඉදිරියේදී කැලණි ග‍ඟේ මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වා ද මඟී ප්‍රවාහන බෝට්ටු සේවය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරෙනවා. නගරයේ වාහන තදබදයට කදිම විසඳුමක් වන මේ තිරසර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට ‍හේතු වූ කරුණු බොහෝමයක් ඇති බව සදහන්.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවේ පරිසර විද්‍යාඥ රෙනෝෂි සිරිපාල මෙනෙවිය පැවසුවේ මේ අලුත් ව්‍යාපෘතිය මගින් කොළඹ නගරයේ මාර්ග තදබද ගැටලුවට ලාභදායි තිරසර විසඳුමක් ලැබෙන බවයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසන්නේ මේ අලුත් මගී ප්‍රවාහන බෝට්ටු සේවාව මගින් කොළඹ නගරය ඇතුළත මාර්ග තදබදය හා ඒ නිසා ඇතිවෙන මානසික පීඩනය නොමැතිව පරිසර හිතකාමී ඉක්මන් ගමනකට ජනතාවට ඉඩ සැලසෙන බවයි. රාජ්‍ය හා පෞද්ගලික සේවක පිරිසට මෙන් ම ඒ අය නැති වෙලාවට සංචාරකයන්ටත් මේ බෝට්ටු සේවාව මගින් ප්‍රතිලාභ ලබා දීමට සූදනම්.

ර‍ටේ ජනතාවට ආර්ථික, ව්‍යාපාරික හා පාරිසරික ප්‍රතිලාභ ලැබෙන මේ නව මගී ප්‍රවාහන බෝට්ටු සේවාව රටපුරා සියලු ජල මාර්ගවල ව්‍යාප්ත කිරීමට හැකිනම් එය මෙරටට පෙට්‍රල් ඩීසල් වැනි ඉන්ධන ගෙනඒම අඩු වී රටේ ආර්ථික ප්‍රගතිය ඇති කිරීමටත් ඉවහල් වන බවද ඔහු පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post