News Line| Off Air
Generic placeholder image

Aug
5

දිවයිනේ උතුරු ප්‍රදේශ වලට තද සුළං

1488 Views


දිවයිනේ උතුරු  ප්‍රදේශ වලට තද සුළං

දිවයිනේ උතුරු පළාතේ විටින් විට පැ.කි.මී. (50-60) දක්වා සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. (60-70) දක්වා සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව වාර්තා වනවා.

ඉදිරි දින කිහිපයේදී, උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව පැවසෙනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවත් ඒ ප්‍රදේශ වල ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදවඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා


News Articles
Latest Videos
Most Popular Post