යාපනයේ නගරාධිපති වශයෙන් සේවය කොට එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතාගේ මුණුබුරෙකු වූ නිෂාන් දොරේඅප්පා මහතාට කැනඩාවේ ප්‍රාන්තයක පොලිස් ප්‍රධානි තනතුරක් ලබා දී තිබෙනවා.
පසුගිය අගෝස්තු 01 වනදා සිට එරට පොලිස් සභාව විසින් නිෂාන් දොරේඅප්පා මහතා කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පීල් නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා වශයෙන් පත් කොට ඇති බව සදහන්.
යුද සමයේදී යාපනයේ නගරාධිපති වශයෙන් සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා කොටි සංවිධානය විසින් ඝාතනය කිරිමෙන් පසුව එම පවුල් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැඩාවට පදිංචියට යන අතර එහිදී නිෂාන් දොරේඅප්පා වයස අවුරුදු 03ක කුඩා දරුවෙක්ව සිට තිබෙනවා.
අනතුරුව ඔහු නිසිවයසින් පොලිස් සේවයට බැඳීමෙන් පසුව කැනඩාවේ අපරාධ පරික්ෂණ කටයුතු හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේද සේවය කොට අවුරුදු 25ක පලපුරුද්දක් ලැබීමෙන් පසු මෙම තනතුර ලබා දී තිබෙනවා.
ඔහුගේ සේවා කාලයේදී දක්වන ලද විශිෂ්ඨ දස්කම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 3000 ක් පමණ සේවය කරණ කැනඩාවේ පීල් නගර පොලීසියේ ප්‍රධානියා වශයෙන් ඔහුව පත් කොට ඇති බව සදහන්.