ඊයේ (04) පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ලබන 15 වනදා සිට 20 වනදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ගුරුවරුන් හයදහසකට වැඩි පිරිසක් යෙදවීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළා.