News Line| Off Air
Generic placeholder image

Aug
6

අගමැති අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පැමිණෙයි

822 Views


අගමැති අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පැමිණෙයි

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (06) පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව අගමැති පස්වරු 06.00 ට පමණ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

එමෙන්ම මීට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර ද අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදීමට නියමිත අතර ඒ අනුව අද දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු පස්වරු 2.00 ට ආරම්භ වනවා.

එමෙන්ම නියෝජ්‍ය කතානායක කියා සිටියේ මේ වනවිට සිදු කෙරෙමින් තිබෙන්නේ සිය විමර්ශනවල අවසන් අදියරේ සාක්ෂි විමසීම බවයි. එමෙන්ම විමර්ශන කඩිනමින් අවසන් කරන බවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post