News Line| Off Air
Generic placeholder image

Aug
6

ක්‍රීඩකයන්ගෙ පඩි දෙන්නෙත් දිනන දිනන විදියටනම් ඇයි පුහුණුකරුටත් එහෙම කරන්න බැරි – හරීන්

654 Views


ක්‍රීඩකයන්ගෙ පඩි දෙන්නෙත් දිනන දිනන විදියටනම් ඇයි පුහුණුකරුටත් එහෙම කරන්න බැරි – හරීන්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ සංශෝධනයක් සිදු කිරීමට කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු තීරණය කර ඇති අතර හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු වන විනෝදන් ජොන් යළි තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ පිළිබද කරුණු දැක්වූ කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කියා සිටියේ ” තේරීම් කමිටුවේ හතර දෙනෙක් හිටියා. 03 දෙනෙක්ව නැවත වතාවක් නම් කළා. තේරීම් කමිටුවේ වුණත් වැරදි වුණාම එයාලා හදා ගනී. කොතනද වැරද්ද වුණේ කියලා එයාලා තේරුම් ගන්න ඕනේ.” යනුවෙනුයි.

ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්ද කී‍්‍රඩා අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

එහිදී “චන්දික හතුරුසිංහට දැන් ඩොලර් 40000ක් ගෙවනවා නම් 25000කට හෝ 20000කට අඩු කරලා දිනන දිනන විදිහට ගෙවීමේ ක්‍රමය හොඳ නැද්ද කියන එකයි මගේ ඉල්ලීම වුණේ. රටේ මිනිස්සු ඉල්ලපු ඉල්ලීමත් ඒකයි. ක්‍රීඩකයන්ගෙත් පඩි දෙන්නේ එහෙම නම් ඇයි පුහුණුකරුටත් එහෙම කරන්න බැරි. පැය 24ක් ඇතුළත මේකේ සැළසුම කියන්නම් කිව්වා. ඒත් කිව්වේ නෑ.ඒ නිසා මම දැනුම්දීමක් සිදු කළා එතුමාව නවසීලන්ත සංචාරයේ තියන්න එපා කියලා. හැබැයි එතුමට ලංකාවේ ඉඳලා ඒ කාලය අතරතුර ඕනේ නම් පුළුවන් නැවත සළකා බලන්න. එහෙමත් නැතිනම් එතුමා නීතිය පැත්තෙන් යනවා නම් ඒකත් කරන්න පුළුවන්. අපි හැමෝටම ඉලක්කයක් තියෙන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කළා.

මේ අතර සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 14 වැනිදා ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට පෙර නවසීලන්ත කණ්ඩායම කටුනායක නිදහස් වෙළද කලාප කී‍්‍රඩාංගණයේදී පුහුණු තුන්දින තරගයකටද එක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post