News Line| Off Air
Generic placeholder image

Aug
6

කොළඹ කුණු කුණුවන ලකුණු?

674 Views


කොළඹ කුණු කුණුවන ලකුණු?

වත්තල, කෙරවළපිටිය කසළ අංගනය වෙත කසල බැහැර කිරීම නවතා දැමීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල කසළ රැසක් ගොඩ ගැසී ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව ඇතැම් ප‍්‍රදේශවල ඊයේ (05) සිට කසළ ගොඩ ගැසී ඇති බවට සඳහන් කළේ. කෙරවළපිටිය කසළ අංගනයේ ධාරිතාව ඉක්මවා තිබීම හේතුවෙන් එය වෙත ගෙන එන කසළ භාර ගැනීම අත්හිටුවීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව තීරණය කරති බව වාර්තා වෙනවා.ඒ අනුව මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පැවති අතර මෙම කසළ ගැටළුව සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර ප්‍රකාශ කලේ කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල එක්රැස්ව ඇති කසළ පුත්තලම, අලූවක්කාලූ කසළ අංගනය වෙත බැහැර කිරීමට කටයුතු යොදා ඇති බවයි.

2017 වර්ෂයේදී මීතොටමුල්ල කසළ කන්ද නායයාමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල එක්රැස්වන කසළ බැහැර කෙරුණේ වත්තල, කෙරවළපිටිය කසළ අංගනය වෙතටයි.


News Articles
Latest Videos
Most Popular Post