News Line| Off Air
Generic placeholder image

Aug
6

තද සුළං සමග මුහුද රළු වෙයි

1078 Views


තද සුළං සමග මුහුද රළු වෙයි

දිවයිනේ පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සු‍ළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේතුව නිවේදනය කරනවා.

ඒ අනුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-55 දක්වා වැඩිවිය හැකි අතර මුහුද තරමක් රළු විය හැකි බවත් දිවයින හරහා හමන සුළගේ වේගය තරමක් වැඩි වන බවද සදහන් කරනවා.බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත් මන්නාරම, යාපනය හා අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බවද පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post