News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

පාර්ලිමේන්තුව හෙටට කල් යයි

878 Views


පාර්ලිමේන්තුව හෙටට කල් යයි

පාර්ලිමේන්තුව හෙට පස්වරු 01 00 දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා අද පියවර ගත්තා.

ඊට හේතු වුනේ අද පස්වරුවේ විවාදයට ගැනීමට නියමිතව තිබු ලංකා විදුලි බල සංශෝධන පණත් කෙටුම්පත විවාදයට නොගෙන ඉල්ලා අස් කර ගන්නා බවට සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමගයි.

එම කෙටුම්පත විවාදයට නොගන්නා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කලා.

ඊට පිළිතුරු ලබා දෙමින් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කලේ එම පණත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිපති විසින් දැනුම් දීම හේතුවෙන් එය ඉල්ලා අස් කර ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post