News Line| Off Air
Generic placeholder image

Aug
6

බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

2934 Views


බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බ්‍රෙන්ඩන් මැකලම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි. ඒ අනුව කැනඩාවේ පැවැත්වෙන 20යි 20 තරඟාවලියෙන් අනතුරුව තමන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි වාර්තා වන්නේ.
මැකලම් 2015 වසරේදී ටෙස්ට් සහ එක්දින තරඟවලින් සමුගත් අතර පසුව ප්‍රාන්ත තරඟ සදහා පමණක් ක්‍රිඩා කලා.

ඒ අනුව ඔහු සිය ක්‍රිකට් දිවියෙන්ම සමුගැනිමට තීරණය කර ඇති අතර මෙහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ වසර 20ක වෘත්තිය ක්‍රිකට් ජිවිතය තුල තමන් ලබාගත් දේ පිළිබඳව ආඩම්බර වන බවයි. ඔහු නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 101කට එක්දින ජාත්‍යන්තර තරඟ 260කට සහ 20යි 20 තරඟ 71කට සහභාගී වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post