News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

මැතිවරණ පසුපස යාම නවතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි – කාදිනල් හිමි

729 Views


මැතිවරණ පසුපස යාම නවතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි – කාදිනල් හිමි

දේශපාලන පක්ෂ නායකයින් මේ මොහොතේ සිදුකළ යුත්තේ මැතිවරණ පසුපස යාම නොව පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

කටාන – කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී ප්‍රදේශවාසීන් සමඟ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

කටාන – කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අසළ මීරිගම – මීගමුව ප්‍රධාන මාර්ගයේ නුගවෙල මංසන්ධියේ පිහිටි ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාවකට අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු හානි සිදුකර ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරතවුණා.

පසුව එම ස්ථානයට අගරදගුරු හිමිපාණන් පැමිණී අතර, අනතුරුව උන්වහන්සේගේ ඉල්ලීම මත ප්‍රදේශවාසීන් සිය විරෝධතාව අවසන් කර සාකච්ඡාවක් සඳහා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post