අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති පැමිණිල්ල අද (06) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යළි විභාග කල අතර එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම්කර සිටි රූපවාහිනී මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ සාක්ෂි සටහන් කරගැනීම තවදුරටත් සිදු කෙරුණු බව වාර්තා වෙනවා. ඉන් අනතුරුව මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ සාක්ෂියෙන් පසුව එම ආයතනයේ කැමරා ශිල්පියෙකුගෙන් සාක්ෂි සටන් කර ගැනීමට සිදුවුණා.ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම මේ මස 28 වන දා තෙක් කල් තබනු ලැබුවා.
ඒ අනුව මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අපොස උසස් පෙළ විභාගයට සහභාගි වීම නිසා අද දින අධිකරණය හමුවේ පෙනී සිටීම අනවශ්‍ය බවට අධිකරණය විසින් මීට පෙර අවසර ලබාදී තිබෙනවා.