News Line| Off Air
Generic placeholder image

Aug
6

සයිබීරියාවේ හමුදා කඳවුරක් තුළ දැවැන්ත පිපිරීමක්

757 Views


සයිබීරියාවේ හමුදා කඳවුරක් තුළ දැවැන්ත පිපිරීමක්

සයිබීරියාවේ හමුදා කඳවුරක් තුළ පිහිටි රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරිමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අවට ගම්මානවල පදිංච් පුද්ගලයින් 3000ක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර යැවිමට බලධාරින් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම හදිසි අවස්ථාවකදී ඉවත් කිරීම සඳහා තවත් පුද්ගලයින් 11,000 ක් පමණ සූදානම් කර ඇති බවද සඳහන්ස.

සයිබීරියාවේ අචින්ක්ස් නගරයට ආසන්නව පිහිටි මෙම හමුදා කඳවුර තුළ පිහිටි අවි ගබඩාවේ පිපිරීම් හේතුවෙන් විශාල ගිනි ජාලා සමග අධික දුමක් ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබෙනවා.

අවි ගබඩාවේ පිපිරිම හේතුවෙන් එම ප්‍රදේශයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර එහි කාලතුවක්කු උණ්ඩ ගබඩා කර තිබු බවත් වසර 2022 දී එම අවි ගබඩාව සම්පුර්ණයෙන් ඉවත් කිරිමට රුසියානු හමුදාව බලාපොරොත්තුවෙන් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post