News Line| Off Air
Generic placeholder image

Aug
6

2020 වෙනුවෙන් ගුරු ස්ථාන මාරු ඉල්ලුම්පත් 6,000 ක්

2571 Views


2020 වෙනුවෙන් ගුරු ස්ථාන මාරු ඉල්ලුම්පත් 6,000 ක්

ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර ජාතික පාසල් ගුරු මාරු අවසන් කිරීමට කඩිනමින් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජාතික පාසල්වල 2020 වර්ෂය වෙනුවෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු ඒකකය වෙත ලැබී ඇති අතර එකම පාසලක අවුරුදු 10 ක් සේවය කරන ලද ගුරුවරුන්ගේ මාරුවීම් අයදුම්පත් 2,000 ක් පමණ සංඛ්‍යාවක් ද මෙම ඉල්ලුම්පත් 6,000 ට ඇතුළත්.

ගුරු වෘත්තිය සමිති නියෝජනය කරන ජාතික පාසල් ගුරු මාරු මණ්ඩල පත් කොට මෙම මාරුවීම් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියමිතයි.

ඕනෑම ගුරුවරයෙකුට ජාතික පාසලක සේවය කිරීමේ අවස්ථාව සැලසීම සඳහා, ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියේ සඳහන් වන ආකාරයට වාර්ෂික ගුරු මාරු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා එම තීරණය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post