News Line| Off Air
Generic placeholder image

Aug
7

තිසර සහ චන්දිමාල් ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලිය සදහා කැනඩාවට යයි

1498 Views


තිසර සහ චන්දිමාල්  ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලිය සදහා කැනඩාවට යයි

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලිය සඳහා සහභාගිවීමට තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අනුමැතිය ලබාදී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට එම තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කැනඩාවට ගොස් තිබෙනවා.
මීට පෙර මෙම තරගාවලිය සඳහා තිසර පෙරේරාට කි‍්‍රකට් ආයතනය අනුමැතිය ලබාදී නොතිබූණු අතර කී‍්‍රඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පසු ඔහුට මෙම අවස්ථාව හිමි වුණා.
මෙවර කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලියේදී තිසර පෙරේරා මොන්ටි‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post