නව තාක්ෂනය තුලින් දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීම සදහා මේ වන විට කටයුතු කරන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම වසර ඇතුළත දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් (e–Ticketing) සේවාව හඳුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර මේ යටතේ කිව්.ආර්. කේත ක්‍රමය ඔස්සේ, ස්මාර්ට් කාර්ඩ් ඔස්සේ සහ ස්වයංක්‍රීය උපකරණ හරහා දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීමේ අවස්ථාව මගීන්ට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්, එම ක්‍රම සඳහා මගීන් හුරුවනතුරු සාමාන්‍ය ප්‍රවේශපත් ලබාදීමේ ක්‍රමවේදයද ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
එමෙන්ම කැලණිවැලි දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ග කරණය යටතේ මරදානේ සිට නුගේගොඩ දක්වා කණු මත යන විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකරන අතර, එහි ඉදිකිරීම් මේ වසරේදී ආරම්භ කරන බව ඒ මහතා ප්‍රකාශ කල අතර දුම්රිය තදබදය අවමකර ගැනීම සඳහා මරදාන කොටුව අතර දුම්රිය මාර්ග ප්‍රමාණය 08ක් බවට පත්කරන බවත්, පොල්ගහවෙල – කුරුණැගල දුම්රිය මාර්ගය සඳහා විද්‍යුත් සංඥා ක්‍රමය හඳුන්වා දෙන බවත් සදහන් කරනවා.