News Line| Off Air
Generic placeholder image

Aug
7

පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජගත් පුෂ්පකුමාරටද?

2011 Views


පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජගත් පුෂ්පකුමාරටද?

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය සමඟ එම මන්ත්‍රීධූරය මේ වන විට පුරප්පාඩු වී තිබෙනවා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ජාතික ලැයිස්තුවෙන් සාලින්ද දිසානායක මහතාගෙන් පසුව එම මන්ත්‍රී ධුරය සදහා ශාන්ත බණ්ඩාර මහතා හා ඩී.බී.හේරත් මහතා සුදුසුකම් ලබා සිටිනවා. ශාන්ත බණ්ඩාර මහතා එකසත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වී ඇති අතර ඒ මෙම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා පැමිණීමටයි.ඒ එතුමා ජනතා ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට තීරණය කර ඇති නිසා බව පැවසෙනවා.

මෙවන් පසුබිමක පුරප්පාඩු වු එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට මේ වන විට පාර්ශව රැසකින් ඉල්ලුම් කර ඇති බව වාර්තා වන අතර ඒ අතර, ජගත් පුෂ්පකුමාර, ප්‍රසන්න සෝලංආරච්චි, ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පක්ෂය හා පසුගිය දා නැගෙනහිර ආණ්ඩුකාරධූරයෙන් ඉවත් වු එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ද වෙන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් පසුගිය මහ මැතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් ජගත් පුෂ්පකුමාර මහතාට මෙම එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු ධූරය හිමිවීමට වැඩි ඉඩකඩක් ඇති බව එකසත් ජනතා ආරංචි මාර්ග පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post