කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ශ්‍රී ලංකා සහ කාම්බෝජියානු ව්‍යාපාරිකයින්ගේ හමුවක් අද (07) Phnom Penh නගරයේ දී පැවැත්වුණා.
මෙම අවස්ථාව සඳහා කාම්බෝජියානු අග්‍රාමාත්‍යය Samdech Akka Moha Sena Pakdei Techo HUN SEN මහතා ද එක්ව සිටියා.
ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට එහිදී පුඑල් අවධානයක් යොමු වූ අතර දියුණු වෙමින් පවතින රටවල් ලෙස ආර්ථික සහ වෙළෙඳ කටයුතු වල දී එක්ව කටයුතු කිරීමටත්, ඇගළුම්, මැණික් කර්මාන්ත වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෙරට අතර පවතින සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළ බව සදහන්.
මෙම සමුළුව අමතා කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් සිදුකළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එම සමුළුව ඇමතූ අතර කාම්බෝජයේ වානිජ මණ්ඩල සභාපති Neak Okhna Kith Meng මහතා සහ ශ්‍රී ලංකා කොළඹ වානිජ මණ්ඩලයේ සභාපති සාරංග විජේරත්න මහතා ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.