News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

සුෂ්මා ස්වරාජ් අවසන් ගමන් යයි

777 Views


සුෂ්මා ස්වරාජ් අවසන් ගමන් යයි

ඉන්දීය හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

හෘද්‍යාබාධයක් හේතුවෙන් මෙලෙස ඇය අභාවප‍්‍රාප්ත වී ඇති බව සදහන්.

නවදිල්ලි නුවර පිහිටි රෝහලකදී ඇය අභාවප‍්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළ අතර මියයන විට ඇගේ වයස අවුරුදු 67 ක්.

අවස්ථා කිහිපයකදී ශී‍්‍ර ලංකාවේ සංචාරයේ නිරත වූ සුෂ්මා ස්වරාජ් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් ලෙස සැලකෙනවා. ඇගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද සිය ට්විටර් ගිණුම හරහා ශෝකය පළ කර තිබෙනවා.

ඔහු එහි සඳහන් කර ඇත්තේ ඉන්දීය හිටපු විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ්ගේ අභාවය ඉන්දියාවට මහත් පාඩුවක් බවයි. ඇය ඉන්දීය ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර තමන් මෙහිදී සිහිපත් කරන බවද ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post