News Line| Off Air
Generic placeholder image

Aug
7

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදන්

688 Views


සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදන්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සතු වාහන 575 ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කළ දැනුම්දීක් අනුව විමර්ෂන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කළා.

අමාත්‍යාංශයේ ලේකම්වරිය මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙම වාහන යම් පොලිසියකින් අත්අඩංගුවට ගෙන තිබේ ද යන්න ගැන සොයා බලා අගෝස්තු 10 වැනිදාට
පෙර වාර්තාවක් සපයන ලෙස අපරාධ, සංවිධානාත්මක අපරාධ, නීතී, විනය හා කල්ක්‍රියා දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ඇතුළු විශේෂිත පොලිස් ඒකකවලටත්, සියලුම කොට්ඨාස භාර පොලිස් ස්ථාන වලට දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවද විශේෂ විමර්ෂනයක් සිදුකර විගණන වාර්තාවක් පසුගිය අප්‍රේල් මාසයේදී නිකුත් කළා.

වාහන 1794 අස්ථාන ගත වී තිබීමත්, අමාත්‍යාංශයෙන් බාහිර පාර්ශව වෙත පවරා තිබු වාහන 259 ක් අතුරෙන් 177 ක පැවරීම් වල නිත්‍යනුකූලතාව තහවුරු නොවීමත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණ ද අමාත්‍යාංශ ලේඛනයේ ඇතුළත් නොවූ වාහන 202 න් වාහන 171 ක භෞතික පැවැත්ම තහවුරු නොවීමත් හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි අලාභයක් රජයට සිදුවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව එම වාර්තාවේ සඳහන් කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post