News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

හිටපු නාවික හමුදාපති උසස්ම නිලයෙන් පිදුම් ලබයි

772 Views


හිටපු නාවික හමුදාපති උසස්ම නිලයෙන් පිදුම් ලබයි

ශී‍්‍ර ලංකා නාවික වංශකතාවේ බිහි වූ විශිෂ්ඨතම සෙන්පතියා අද්මිරාල් වසන්ත කරන්නාගොඩයි.

ප‍්‍රභාකරන් ඇතුළු ඊළාම් යුද්ධය පරාජය කිරීම සදහා සමුදුරේදී ඔහුගේ නායකත්වය මහත් රුකුලක් වුනා. ත‍්‍රස්තවාදය රටින් තුරන් කිරීම සදහා සිදු කල අද්විතීය මෙහෙවර ඇගයීම උදෙසා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති විශ‍්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට ගෞරවනීය නිලයක් පිරිනමා තිබෙනවා.

ඒ අනුව හිටපු නාවික හමුදාපති විශ‍්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලයෙන් පිදුම් ලැබුවා. එය ලොව නාවික නිලදරුවෙකුට හමුදාවක ලැබිය හැකි උසස්ම නිලයයි.


News Articles
Latest Videos
Most Popular Post