News Line| Off Air
Generic placeholder image

Aug
8

අධික වේගයෙන් යන බස් රථ වලට වැඩ වරදී

2417 Views


අධික වේගයෙන් යන බස් රථ වලට වැඩ වරදී

අධික වේගයෙන් ගමන් ගන්නා බස් රථ පිළිබඳ 1955 දුරකථන අංකයට ජනතාව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

අදාළ වරද සිදු කරන බස් රථ රියදුරුගේ සේවය මාස 03කට අත්හිටුවිය හැකි බවත්, කොමිසමට ලැබෙන පැමිණිලි විභාග කරගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම කොමිසමේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා කියා සිටියා.

එමෙන්ම රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකරමින් තිබෙන බවත්, රිය අනතුරක් සිදු වූ පසු මරණයක් සිදුවුවහොත් අදාළ රියදුරුගේ රිය බලපත්‍රය අවලංගු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරමින් තිබෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post