ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ජාතිය ඇමතීමට නියමිතයි.ඒ, ඉන්දු – පකිස්ථානු අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ අරමුණින්.එහිදී ඔහු ජම්මු – කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද ඉවත් කර එම ප්‍රදේශ දෙක මධ්‍යම රජයට අයත් බල ප්‍රදේශ දෙකක් බවට පත් කිරීමට හේතු පැහැදිලි කරනු ඇති බව සදහන්.
ඉන්දියාව, ජම්මු කාශ්මීර පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ, ඉන්දියාව සමග පවතින සියලු වෙළෙඳ සබඳතා නතර කර රාජ්‍ය තාන්ත්‍රික මට්ටම ද පහත හෙළන බවට පකිස්ථානය නිවේදනය කර පැය කිහිපයකට පසුවයි.
ඉන්දියාව අදාළ තීන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර තමුන්ගෙන් විමසීමක් නොකළ බව අමෙරිකාව සඳහන් කරනවා.ඉන්දියාවේ හදිසි තීරණයත් සමග පකිස්ථානය සිය ගුවන් අවකාශයේ එක් ප්‍රදේශයක් වසා දැමීම හේතුවෙන් ඒ හරහා පියාසර කළ ගුවන් යානාවලට අමතර විනාඩි 12 ක් වැයකර වෙනත් ගමන් මාර්ග භාවිත කිරීමට සිදුව තිබෙනවා.ඉන්දියාව ගත් තීන්දුවට චීනය විරෝධය පළ කරද්දී මාලදිවයින ඊට සහාය පළ කර තිබෙන බවත් සදහන්.