පසුගිය දිනවල උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් රෝගීන්ගේ රෝගය උත්සන්නවීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව ඇස්ප්‍රින්, ඉබුප්‍රොෆෙන්, ඩයික්ලොෆිනැන් සෝඩියම් සහ මෙෆනමික් ඇසිඩ් වැනි ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ හෝ ස්ටීරොයිඩ් ගණයට අයත් ප්‍රෙඩ්නිසිලෝන්, මිතයිල් ප්‍රෙඩ්නිසිලෝන්, ඩෙක්සාමෙතසෝන් යන ඖෂධ උණ රෝගී තත්ත්වයෙන් පෙලෙන රෝගියෙකුට ලබා නොදිය යුතු බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කල අතර යම් හෙයකින් අදාල ඖෂධ භාවිතා කිරීමේදී රෝගීය ඩෙංගු රෝගියෙකු නම් රෝගය උත්සන්න වී මාරාන්තික විමට ද හැකියාව පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.