News Line| Off Air
Generic placeholder image

Aug
8

තද සුළං තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ කාලගුණයෙන් ගැන අනතුරු ඇගවීමක්

1423 Views


තද සුළං  තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ කාලගුණයෙන්  ගැන අනතුරු ඇගවීමක්

අද (08) අලුයම් කාලයේ කොළඹ ඇතුළු ප්‍රදේශවල ඇති වූ තද සුළං තත්ත්වය ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිසා හදිසියේ ඇති වූ තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එවැනි තත්ත්වයක් සාමාන්‍යයෙන් පැය 06ක් පමණ කාලයක් පවතින බව පැවසෙනවා.

තවදුරටත් තද සුළං ඇතිවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුතු නිවේදනයක් ද අද අලුයම නිකුත් කළ අතර එම නිවේදනය අද පස්වරු 3.30 වන තෙක් වලංගු බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

ඒ අනුව දිවයිනේ උතුරු, උතුරුමැද, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60ත් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර උතුර සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ක්ෂණික ඉහළ යාමේ හැකියාවක් විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රි කාලයේදී පවතින බවට එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post