News Line| Off Air
Generic placeholder image

Aug
8

බිළිදා සමඟ පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරිය සභා ගර්භයෙන් ඉවතට

631 Views


බිළිදා සමඟ පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරිය සභා ගර්භයෙන් ඉවතට

සිය බිළිදා සමඟ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවිමට පැමිණි කෙන්යානු මන්ත්‍රීවරියක සභා ගර්භයෙන් ඉවත් කිරිමට එරට කතානායකවරයා නියෝග කර තිබෙනවා.

මාස 5ක් වයසැති සිය බිළිදා රැගෙන මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවිමට පැමිණ ඇත්තේ සුලෙයිකා හසන් නමැති මන්ත්‍රීවරියයි.

කෙසේවෙතත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බැවින් ඒ සඳහා අවසර ලබාදිමේ හැකියාවක් නොමැති බව කතානායක ක්‍රිස්ටෝපර් ඔමුලේ ප්‍රකාශ කර තිබෙනවා.

හදිසි අවස්ථාවකදී හෝ බිළිදිය රැගෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවිමට අවසර හිමි නොවිම පිළිබඳව තමන් දැඩි ලෙස කණගාටුවට පත් වන බව අදාල මන්ත්‍රීවරිය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post